2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ (07) වන දින වනවිට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,604,018ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ පමණක් සංචාරකයින් 37,495ක් මෙරටට පැමිණ තිබෙනවා.
එහි දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,171ක් පැමිණ ඇත.
එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක් ද සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ තිබෙනවා.

