දිස්ත්‍රික්ක 16 කට ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්

මධ්‍යම, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලට සහ වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම කාලය තුළ ස්ථාන කිහිපයක දැඩි අකුණු සහ තද සුළං සහිත ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.