රුසියාව විසින් නිපදවන ලද Enteromix එන්නත පිළිකාවට එරෙහිව කරන ලද මූලික මිනිස් අත්හදා බැලීම් වලදී 100% ක කාර්යක්ෂමතාව සහ ආරක්ෂාවක් පෙන්නුම් කර තිබෙනවා.
COVID-19 එන්නත් වලට සමාන mRNA තාක්ෂණය භාවිතා කරමින් මෙම එන්නත සකස් කර තිබෙනවා.
එය පිළිකා සෛල හඳුනාගෙන ඒවා කඩිනමින් ඉවත් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.
මෙම මූලික මිනිස් අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡා සේවකයන් 48 දෙනෙකු සම්බන්ධ වූ අතර Engelhardtඅණුක ජීව විද්‍යා ආයතනය සමඟ සහයෝගයෙන් රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණ මධ්‍යස්ථානය විසින් එම අත්හදා බැලීම් සිදු කර තිබෙනවා.
මෙම එන්නත සඳහා රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමන අනුමැතිය ලැබුණු පසු එය සාමාන්‍ය ජනතාවගේ පොදු භාවිතය සඳහා යොදා ගැනීමට නියමිතයි.

