2024 (2025) අධ්‍යන වර්ෂයේ විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරීම් ඔන්ලයින් ක්‍රමයට

2024 (2025) අ.පො.ස (උසස් පෙළ) විභාගය පදනම්ව එම අධ්‍යන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ගේ ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙනවා.

ඒ අනූව අද සිට16 වැනිදා තෙක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) හරහා සිදු කෙරෙනු ලබනවා.

මේ වන විට උපාධි පාඨමාලාවන්ට තේරී පත්වූ සිසුන් සඳහා තමන් තේරීපත් වූ පාඨමාලාවන්ට අදාළව තේරී පත්වූ ලිපිය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා භාගත කරගත හැකි බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.