අල්ලස් හා දූෂණ පැමිණිලි කරන්න නව WhatsApp අංකයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහජනතාවට අල්ලස් හා දූෂණ සිදුවීම් පහසුවෙන් වාර්තා කිරීම සඳහා නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ පැමිණිලි 077 777 1954 යන වට්ස් ඇප් දුරකතන අංකය හරහා යොමු කළ හැකි වනවා.

පැමිණිලි ක්‍රියාවලිය වේගවත් කිරීම මෙම නව අංකය හඳුන්වාදීමේ අරමුණ බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පෙන්වා දෙන්නේ.