අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (අගෝස්තු 28) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.49 සිට රු. 298.64 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 306.03 සිට රු. 306.17 දක්වා ඉහළ ගොස් තිබේ.