දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ වැඩක් ඇතුව හෝ නැතුව මහා පාන්දර එක දෙක වෙනකම් ඇහැරගෙන ඉන්න නේ…. කොහොම වුණත් දීර්ඝ කාලීනව මෙහෙම නිදි මරන එක ඇත්තටම අපිට මරණය ඉක්මන් කරන්න පුළුවන් දෙයක්.
ඔයාට නිතරම දැනෙන දැඩි මහන්සිය, අවධානය නැතිවීම හෝ නුරුස්නා ගතියට හේතුව මේ රාත්‍රී 12න් පසුව නින්දට යාම වෙන්න පුළුවන්.
රාත්‍රී 12 න් පසු නින්දට යාම නිසා ඔබේ මොළයට, හෝමෝනවලට, ශරීරයට, හදවතට සහ ප්‍රතිශක්තියට විශාල හානියක් සිදු වන බව මේ වන විට සිදු කළ බොහොමයක් පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.
ඔබේ මොළය නිසි ලෙස ක්‍රියා නොකරයි
මධ්‍යම රාත්‍රියෙන් පසු නින්ද ගැඹුරු REM (Rapid Eye Movement) චක්රවලට කැඩී යනවා. මේ REM නින්දේදී තමයි අපේ මොළය හැඟීම් විෂහරණය කරලා, සුවපත් කරන්නේ, ඒ වගේම දවස පුරා ලැබුණු තොරතුරු සකස් කරන්නේ. ඔබ පාන්දර 1ට නින්දට ගියොත්, ඔබේ මොළයේ මේ වැදගත් ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. ඒ නිසා ඔබට පසුදා අවධානය යොමු කිරීම අපහසු වී දවස ආරම්භ වීමටත් පෙරම ඔබේ ඵලදායිතාව අඩපණ වෙනවා.
ඔබේ හෝමෝන අසමතුලිත වේ
රාත්‍රී 12ට පසු නින්දට යාමෙන් ඔබේ ශරීරයේ හෝමෝන සමතුලිතතාවය බිඳ වැටෙනවා. නින්දට අවශ්‍ය මෙලටොනින් හෝමෝනය පහත වැටෙන අතර, ආතතිය ඇති කරන කෝටිසෝල් හෝමෝනය ඉහළ යනවා. මේ නිසා ඔබට උදේට කලබලකාරී සහ කනස්සලු ගති පෙන්වීමට පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලීනව මේ කෝටිසෝල් හෝර්මෝනය ඉහල මට්ටමක පැවතීම අපේ ශරීරයට ඉතාම අහිතකර වෙනවා. ඒ හරහා පසුකාලයේ හදවත් රෝග, stroke වගේ දේවල් වගේම වකුගඩු අකර්මන්‍ය වීම් ආදියත් වෙන්න පුළුවන්.
ඔබේ ශරීරයේ මේදය වැඩිපුර ගබඩා වේ
නිසි නින්දක් නොමැතිකම ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී කරනවා. ඒ වගේම සීනි සහ සෞඛ්‍යයට අහිතකර ආහාර සඳහා ඇති ආශාව වැඩි කරනවා. මේ නිසා, ඔබේ ශරීරය ආහාර නිසා පමණක් නොව, නින්දේ අඩු බව නිසාත් මේදය ගබඩා කර ගන්නවා. ඒ නිසා නින්ද අඩුකම නිසාත් ඔන්න මහත් වෙන්න පුළුවන්.
ඔබේ හදවත සහ ප්‍රතිශක්තිය දුර්වල කරයි
පාන්දර 1ට නින්දට යාමෙන් රුධිර පීඩනය වැඩි වෙනවා. එමෙන්ම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී, හදවතට නිහඬවම ආතතියක් ඇති කරනවා. මේ හානිය ක්ෂණිකව නොපෙනුණත්, එය ටිකෙන් ටික ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරනවා. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම නිසා නිතර නිතර ලෙඩ රෝග හැදෙන්න පුළුවන්.
ඔබ ඉක්මනින් වයසට යයි
දුර්වල නින්ද සෛල බිඳවැටීම වේගවත් කරනවා. ඒ නිසා සම අඳුරු වී, ඉක්මනින් වයසට ගිය පෙනුමක් ඇති වෙන්න පුළුවන්.
දිගුකාලීනව එය ඔබේ ආයු කාලය කෙටි කිරීමට ද බලපෑම් කරනවා.
ඒ නිසා විශේෂ වැඩක් නැත්නම් අනිවාර්යයෙන් 12 වෙනකොටවත් අඩුම වශයෙන් නිදා ගන්න යන්න. ඒකෙන් ඔයාට පහුවදා දවස හොඳින් ගත කරන්න පුළුවන් වෙනවා වගේම විවිධ ලෙඩ රෝග වලින් වැළකිලා ඉන්නත් පුළුවන් වෙනවා.
“ආරෝග්‍යා පරමා ලාභා”

