උසස් පෙළ GIT විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 සහ 2024 වසරවලට අදාළව පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) ප්‍රතිඵල ඊයේ නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල විභාග දෙපර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.result.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

එම විභාගය සදහා අයදුම්කරුවන් 3 ලක්ෂ 80,795 දෙනෙකු අයදුම්කර තිබූ නමුත් විභාගයට පෙනී සිට ඇත්තේ අයදුම්කරුවන් 2 ලක්ෂ 35,031 ක් පමණක් වනවා.