යුක්රේනයේ නැගෙනහිර කාර්මික කලාපයක් වන Dnipropetrovsk ප්‍රදේශයට රුසියාව ඇතුළු වී එය අල්ලා ගැනීමට උත්සාහ කරන බවට යුක්රේන හමුදා පිළිගෙන තිබෙනවා.
මේ වන විට එම කලාපයේ ගම්මාන දෙකක් වන සැපොරිස්කේ සහ නොවොහ්රිහොරිව්කා රුසියාව විසින් අල්ලා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Dnipropetrovsk කලාපයට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය මෙතෙක් එම කලාපයට එල්ල වුණු විශාලතම ප්‍රහාරය බවයි ඩිනිප්රො මෙහෙයුම්-උපායමාර්ගික හමුදා කණ්ඩායමේ වික්ටර් ට්රෙහුබොව් BBC වෙත පවසා ඇත්තේ.
Dnipropetrovsk වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බව පසුගිය ජුනි මස මුල දී රුසියාව සඳහන් කළා.
කෙසේවෙතත් නවතම යුක්රේන වාර්තාවලින් පෙනී යන්නේ රුසියානු හමුදා කලාපීය දේශසීමාව යන්තම් උල්ලංඝනය කර ඇති බවයි.

