Animated චිත්රපටයක් වන KPop Demon Hunters, Netflix හි වැඩිම පිරිසක් නරඹන ලද චිත්රපටය බවට පත්ව තිබෙනවා.
ජුනි මාසයේදී මෙම චිත්රපටය නිකුත් වූ දා සිට, එය මිලියන 236 කට වඩා පිරිසක් නරඹා ඇති බවයි වාර්තා වෙන්නේ.
චිත්රපටයේ ගීත Spotify හි වඩාත් ජනප්රියත්වයට පත් වුණු අතර එහි එන “Golden” track එක මේ මාසයේ Billboard Hot 100 හි පළමු තැන ගෙන තිබෙනවා.
Sony Pictures Animation විසින් මෙම චිත්රපටය නිෂ්පාදනය කර ඇත.
Huntr/x නම් වූ ප්රබන්ධ K-pop සංගීත කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනා ඔවුන්ගේ සංගීතය සහ සටන් කුසලතා යක්ෂයින්ගෙන් මිනිසුන් ආරක්ෂා කිරීමට භාවිතා කරන ආකාරයයි මෙම චිත්රපටයේ දැක්වෙන්නේ.

