තුසිත හල්ලොලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහු අද (19) අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය මැයි 17වනදා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව අධිකරණය මඟහරිමින් සිටි තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) පොලීසියට නියෝග කරනු ලැබුවා..

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.