තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස (17) ආරම්භ කළ මෙම වැඩවර්ජනය ඉතා සාර්ථකව සිදුවන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.
එසේම අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බව ද ඔහු පැවසුවා.
මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවයි.
එසේම වැඩවර්ජනය නතර කර සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට තැපැල් වෘත්තීය සමිතිවලින් ඔහු ඉල්ලීමක් ද කර තිබෙනවා.

