මුදල් අච්චු ගැසීමෙන් රටේ උද්ධමනය වැඩි වෙන්නේ නෑ

මුදල් අච්චු ගැසීමෙන් රටේ උද්ධමනය වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසනවා.

ඊයේ (18) කටුබැද්ද ලංගම සංචාරක ඩිපෝ පරිශ්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මුදල් අච්චු ගැසීමෙන් උද්දමනය වැඩි වීමක් වන්නේ නම් දැන් උද්දමනය වැඩි විය යුතු බවත් මේවනවිට උද්ද්මනය අඩුවී ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළා.

තවද කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට 20,000 ඉක්මවා ගොස් ඇති බවත් සමස්ථයක් ලෙස ගත්කළ රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බවද ඔහු මෙහි දී පෙන්වා දුන්නා.

පසුගිය මාස කිහිපය තුළ රුපියල් ත්‍රිලියන 2.3ක රාජ්‍ය ආදායමක් ලබා ඇති බවත් ඔහු සඳහන් කළා.

එසේම රජය භාරගන්නා විට සම්පූර්ණයෙන්ම බිමට වැටී තිබූ ආර්ථිකය මේවනවිට කෙළින් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.