Facebook බිඳ වැටෙයි

Meta සමාගමට අයත් Facebook සමාජ මාධ්‍ය බිඳ වැටි ඇතැයි වාර්තා වෙනවා.

මෙය පරිශීලකයන් විශාල පිරිසකට බලපෑම් එල්ල කර ඇති අතර එය ප්‍රධාන වශයෙන් ඇමරිකාවට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Downdetector වලට අනුව පුද්ගලයින් 350 කට අධික සංඛ්‍යාවක් ෆේස්බුක් සමඟ ගැටළු ඇති බවට සටහන් කර තිබෙනවා.

එයින් 53% ක් පමණ ෆේස්බුක් app එකට සම්බන්ධ වූ අතර, 24% ක් වෙබ් අඩවිය ක්‍රියා නොකරන බව වාර්තා කර තිබෙනවා. එසේම 22% ක් කියා සිටියේ තම ගිණුම්වලට පිවිසීමේදී ගැටළු වලට මුහුණ දුන් බවයි.

මේ සම්බන්ධයෙන් Meta තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.