කොළඹ කොටස් වෙළඳපොළ අද පහළට

කොළඹ කොටස් වෙළඳපොළ අද (14) දිනයේ පහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 46.83 කින් පහත වැටී ගනුදෙනු අවසානයේ 19,928.67 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම අද දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7 ක් ලෙසින් සටහන් වී ඇත.