අයවැයට පෙර පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට

2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත කරගැනීමට රජය තීරණය කර තිබෙනවා.

එක් පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත හඳුන්වා දිය හැකි බවයි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් මහතා සඳහන් කළේ.

විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 03 වැනිදා සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම නොවැම්බර්  06 සිට දෙසැම්බර් 08 වෙනිදා දක්වා මෙවර අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.