පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂ මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.
මෙම වසරේ මුල් මාස හයේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව, 9503 ක් වනවා.
ඒ අතර බරපතල ළමා අපයෝජන සිදුවීම් 1620ක් වන බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළේ.
එසේම බරපතල කාන්තා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 373 ක් ද ලැබී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුරටත් සදහන් කළේ,

