දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග වලට ඉහළ වටිනාකමක් දෙන්න යයි

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සඳහා සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුලත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.

ඒ පිළිබඳව අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමුකිරීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඇතැම් ආයතනවලට රැකියා සඳහා බඳවා ගැනීමේදී අදාල විභාග සහතිකවලට නිසි පිලිගැනීමක් නොලැබෙන බවත්, ඒ තත්ත්වය මත බොහෝ සිසුන් දහම් පාසල් අධ්‍යාපනයට යොමුවීම පහල ගොස් ඇති බවත් ඔහු පවසනවා.