Formula 3 යන පළමු ශ්‍රී ලාංකිකයා බවට Yevan David පත්වෙයි

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකිකයා බවට 18 හැවිරිදි Yevan David (යෙවාන් ඩේවිඩ්) පත්ව තිබෙනවා.

ඔහු 2026 වාරය සඳහා AIX Racing සමඟ අත්සන් කළ අතර එය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ගමනේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.

එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැද තිබෙනවා.

AIX සමඟ අත්සන් කිරීම ගැන අදහස් දක්වමින්, 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් කියා සිටියේ මෙවන් අදහසක්,

 “ශ්‍රී ලාංකික තරගකරුවෙකු ලෙස ෆෝමියුලා 3 හි තරග කිරීමට අවස්ථාව ලැබීම ගැන ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ දක්ෂතා ඔප්පු කර ඇති අතර, ඉදිරි තරග වාරයේදී ඔවුන් සමඟ විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට මම උනන්දුවෙන් බලා සිටිනවා” .