ඇමරිකානු ජනාධිපති Donald Trump සහ රුසියානු ජනාධිපති Vladimir Putin ලබන සිකුරාදා ඇලස්කාවේදී හමු වීමට නියමිතව තිබෙනවා.
ඒ යුක්රේනයේ යුද්ධයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
ඒ අනුව අගෝස්තු 15 දින පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිනුමක සඳහන් කරනු ලැබූ අතර ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු විසින් එය තහවුරු කරනු ලැබුවා.
එසේම දෙවන සමුළුවක් සඳහා ට්‍රම්ප්ට රුසියාවට ආරාධනා කර ඇති බව ද ඔහු සඳහන් කළා.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් යුක්රේනය ප්‍රතිචාරයක් දක්වා නැහැ.

