ජූලි අවසන් දිනයේ කොටස් වෙළඳපොළට මොකද වුණේ

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (31) දින ඒකක 76.33 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස 0.39% ක් වනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුනේ ඒකක 19,642.48ක් ලෙසයි.

එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.6 ක් ලෙස සඳහන් වූවා.