හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කැපෙන පනත ගැසට් වෙයි

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් පත්‍රය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි අද (31) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම පනතට අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ඕනෑම වාසස්ථානයක්, මාසික දීමනාවක්, මාසික ලේකම් දීමනාවක්, නිල ප්‍රවාහනයක් සහ එවැනි වෙනත් පහසුකම් සැපයීම එමගින් අත්හිටුවා තිබෙනවා.

තවද, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප ද එම පනත් කෙටුම්පත මගින් අත්හිටුවා තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,