2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී


2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද (26) නිවේදනය ⁣කළා.

පසුගියදා බංගලදේශයේ ඩකාහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේ දී මේ පිළිබඳ තීරණය වී තිබෙනවා

ඒ අනුව රටවල් 8කගේ සහභාගිත්වයෙන් තරගාවලිය සැප්තැම්බර් මස 9 සිට 28 දක්වා පැවැත්වෙනවා.

තරගාවලියේදී නිල තරග කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත්කරනු ඇත. 

මේ සඳහා දැනටමත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටිනවා.

සෙසු කණ්ඩායම් ත්‍රිත්වය වන්නේ ACC ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමානය යි.