පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසදාගැනීම සඳහා කඩිනම් රාජ්‍යතාන්ත්‍රක සංවාදයක් සඳහා යොමුවන ලෙස ශ්‍රී ලංකා රජය තායිලන්තයෙන් සහ කාම්බෝජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දෙරට අතර දේශසීමාවේ මෑත කාලීනව උද්ගතවූ සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එම සිදුවීම් හේතුවෙන් ජීවිත හානි, අවතැන්වීම් සහ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානවලට හානි සිදුවී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයේ පෙන්වා දෙනවා.
අවිහිංසාවාදය, කරුණාව හා සාමකාමී සහජීවනය කේන්ද්‍ර කර ගත් බුදුරජානන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් මගින් මඟපෙන්වනු ලැබූ ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, ගැටලු සාමකාමීව විසදාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රක සංවාදයක නිරතවන ලෙස දෙරටින්ම ඉල්ලීමක් සිදුකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

