කඩොලාන වනන්තර 8ක් රක්ෂිත ලෙස නම් කරයි

අදට (26) යෙදී ඇති අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම – පාලවියේදී පැවති උත්සවයකදී මෙය සිදු කර තිබෙනවා.

ඒ අනුව මාදම්පේ – පනිරෙන්ඩාව, මරම්බැට්ටිය මුකලාන ඇතුලු කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත වනාන්තර බවට පත් කෙරෙනු ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.