අපි හැමෝම කැමතියි නේ ගෙදර ඉන්න දවසට ලේසියෙන් අපේ අතින්ම රස කෑම හදන්න.
ඉතින් මේ Coffee brownies රෙසිපි එකත් හරිම ලේසියෙන් සහ අඩු වියදමකින් ගෙදර තියෙන දේවල් වලින් හදා ගන්න පුළුවන්.
මේක හදන්න සූදානම් කරන්න යන්නේ විනාඩි 15ක් වගේ අඩු කාලයක්. පසුව විනාඩි 20ක් වගේ කාලයක් bake වෙන්න තිබ්බම ඔයාට Coffee brownies ready කර ගන්න පුළුවන්.
අපි බලමු අපේ මේ රෙසිපි එකට මොනවද ඕනේ කියලා. මෙතන තියෙන්නේ කෑලි 16කට අවශ්‍ය ප්‍රමාණය. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න කට්ටිය අනුව මේ ප්‍රමාණ අඩු වැඩි කර ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
ලුණු රහිත බටර් ග්‍රෑම් 185 (unsalted butter)
උකු කිරි මිලි ලීටර් 90
ක්ෂණික කෝපි කුඩු මේස හැඳි 3
කැබලි කරගත් ඩාර්ක් චොකලට් ග්‍රෑම් 185
බිත්තර 3
සීනි ග්‍රෑම් 175
පාන් පිටි ග්‍රෑම් 85
කොකෝවා කුඩු ග්‍රෑම් 45
සාදන ක්‍රමය
20 x 20cm ප්‍රමාණයේ tray එකක baking parchment කොලයක් දාලා tray එක හදා ගන්න. oven එක180°C ලෙස සකසා preheat කර ගන්න.
භාජනයක් ගෙන උකු කිරි, ක්ෂණික කෝපි කුඩු තේ හැදි තුන, සහ ලුණු මිශ්‍ර කර ගන්න.
බටර් සහ ඩාර්ක් චොක්ලට් ටික උණු කරලා දිය කර ගෙන ටිකක් cool වෙන්න දෙන්න. මේකට microwave එකේ තත්ත්පර 20ක් තියන්නත් පුළුවන් එහෙමත් නැත්නම් උණු වතුර භාජනයක තියලත් පුළුවන්.
බිත්තර සහ සීනි එකතු කරලා හොඳට beat කර ගන්න ඕනි. beat කරන ගමන් අපේ චොක්ලට් සහ බටර් මිශ්‍රනයත්, පිටි සහ උකු කිරි මිශ්‍රණය මේකට එකතු කර ගන්න. හොඳට මිශ්‍ර වෙන්න දෙන්න.
පස්සේ අර හදා ගත්ත tray එකට මේ මිශ්‍රණය දා ගෙන ගෙන විනාඩි 20-25 අතර කාලයක් oven එකේ තියන්න.
පස්සේ නිවෙන්න තියලා කෑලි කපලා ගන්න පුළුවන්.


