ඉන්දුනීසියාවේ  සුලවේසි කලාපයට ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ සුලවේසි (Sulawesi) කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.3ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා.

කිලෝමීටර 144 (සැතපුම් 89) ක ගැඹුරකින් යුතුව මෙම කම්පනය සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම එහි අපිකේන්ද්‍රය ගොරොන්ටලෝ සිට කිලෝමීටර 109 (සැතපුම් 68) බටහිරින් (ජනගහනය 198 539) සහ ඉන්දුනීසියාවේ ලුවුක් සිට කිලෝමීටර 174 (සැතපුම් 108) උතුරු-නැගෙනහිර දෙසින පිහිටා තිබෙනවා.

මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වෙන්නේ.