මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා වෛරසයේ වසංගතයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබෙනවා.
ඉන්දියානු සාගර කලාපයේ සහ යුරෝපයේ මේ වන විට චිකුන්ගුන්යා වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමකයි ඔවුන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.
වෛරසයෙන් අවදානමට ලක්ව ඇති රටවල් 119 ක බිලියන 5.6 ක ජනතාවක් ජීවත් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනි ඩයනා රොජාස් අල්වාරෙස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසුවේ.
එසේම චිකන්ගුන්යා නිසා අධික උණ, සන්ධි වේදනාව සහ දිගු කාලීන ආබාධ ඇති විය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.
මෙම වෛරසය දැන් මැඩගස්කරය, සෝමාලියාව සහ කෙන්යාව වැනි රටවලට ව්‍යාප්ත වෙමින් පවතින අතර ඉන්දියාව ඇතුළු අග්නිදිග ආසියාවේ වසංගත සම්ප්‍රේෂණයක් පෙන්නුම් කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
මැයි 1 වනදා සිට මහාද්වීපික ප්‍රංශයේ ආනයනික චිකුන්ගුන්යා රෝගීන් 800 ක් පමණ වාර්තා වී ඇති බව සඳහන්.

