නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිසම විසිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකළ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.