අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

අස්වැසුම දෙවැනි අදියර සදහා අභියාචනා 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි සුබසාධන මණ්ඩලය සඳහන් කරන්නේ.

අදාළ අභියාචනා එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකියි.

ඒ අනුව හෙටින් පසුව එම අභයාචනා සමාලෝචනය කිරීම ආරම්භ කිරීමට නියමිතයි.