දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් එළැඹෙන සතියේදී කොළඹට කැඳවන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කරන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ.
ඊට අමතරව පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

