Pretty Little Baby ගැයූ Connie Francis ජීවිතක්ෂයට

මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ‘Pretty Little Baby’ ගීතය ගයනා කරනු ලබන පොප් ගායිකාවක් සහ නිළියක් වන Connie Francis මියගොස් තිබෙනවා.

මියයන විට ඇය 87 වියේ පසු වූ බවයි වාර්තා වෙන්නේ.

එම ගීතයට අමතරව “Lipstick on Your Collar” සහ “Who’s Sorry Now?” වැනි ජනප්‍රිය ගීත ද ඇය විසින් ගයනා කර තිබෙනවා.

ෆ්‍රැන්සිස් මෑතකදී වේදනා ගැටළු හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර, මෙම මස මුලදී ඇතැම් දර්ශන අවලංගු කිරීමට සිදු වූ බව ඇය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇය 1963 දී “Where the Boys Are” “Follow The Boys”, 1964 දී “Looking For Love” සහ 1965 දී “When The Boys Meet The Girls” චිත්‍රපටවල රඟපා තිබෙනවා.