මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතයි.
දැනට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යා යුතුවේ.
මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙනී යෑම හේතුවෙන් මෙම තීරණය ගත්බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම නව වැඩපිළිවෙල ලබන මස තුන් වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

