නයින් ආර්ච් පාලම රෑටත් නැරඹීමේ අවස්ථාව ලබා දීමේ වැඩසටහනක්

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

“මේක වැඩිදියුණු කරලා සංචාරක ආකර්ෂණය වැඩි කළාට පස්සේ මෙම ස්ථානය නැරඹීමට යෑමේදී යම් මුදලක් ගෙවීමට සිදුවෙයි. දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.”

“මේක සකස් කරලා තියෙන්නේ සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න. අගෝස්තු මාසයේ මුල වෙනවිට මේක සංවර්ධනය කරලා සංචාරකයින් සඳහා විවාත කරන්න බලාපොරොත්තු වෙනවා.”