ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයට භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නැහැ .

නැගෙනහිර ඉන්දුනීසියාවේ කුඩා නගර කිහිපයකට මෙම කම්පනය දැනී ඇති බවයි එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය පැවසූවේ.

බන්ඩා මුහුදු තැටියේ බිඳවැටීමේ ක්‍රියාකාරකමක් හේතුවෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සිදු වූ දේපල සහ ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.