2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම ජුනි මස 26 දින සිට ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා.

මේ සඳහා පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,