මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආශ්රිත මරණ 15ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
එසේම පසුගිය දිනවල පැවති මෝසම් වර්ෂාවත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමක් ද වාර්තා වනවා.
ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය වෛද්‍ය ප්රශෝලා සමරවීර මහත්මිය පැවසුවේ දිවයින පුරා ඩෙංගු රෝගීන් 27,702ක් වාර්තා වී ඇති බවයි.
බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදන සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 4,702කි.
ඉහළ යන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට පිලියමක් ලෙස ජුනි 30 සිට ජූලි 5 දක්වා රට පුරා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 16ක් පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශ 101ක් ආවරණය කරමින් පැවැත්වෙනු ඇත.

