බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි.

ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත ඇත.

එසේම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.87ක් දකවා ඩොලර් 2.39කින් පහත වැටි තිබෙනවා.

මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව මෙය වනවා.