කිසිදු සටන් විරාමයක් නැහැ – ඉරානය

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බවයි.

කෙසේවෙතත් යම්හෙයකින් ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බව ද ඔහු දක්වා තිබෙනවා.

ඉරානය විසින් මෙලෙස සටන් විරාමයක් ගැන අදහස් පළ කර ඇත්තේ ඇමරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟයි.