විදේශිකයන්ගේ විසා කාලය දීර්ඝ කිරීමට ඊශ්‍රායලය තීරණය කරයි

පවතින යුද වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ  ආගමන හා විගමන ආයතනය හෙවත්  PIBA ආයතනය ඊශ්‍රායලයේ  රැදීසිටින විදේශිකයන්ගේ විසා කාලය මාස තුනක් දක්වා කාලයකට සක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.

 ඒ අනුව දැනට විසා  කාලය ඉකුත්වන් සියලු දෙනාට මෙම සහනය හිමි වනවා.

එම විසා කාණ්ඩයන් මෙසේය.

B/1 – සාමාන්‍ය රැකියා වීසා
B/2 – සංචාරක වීසා
B/4 – ස්වේච්ඡා වීසා
A/1 – තාවකාලික නේවාසික වීසා
A/2 – ශිෂ්‍ය වීසා (කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර)
A/3 – පූජක/ආගමික  වීසා
A/4 – සහකාර ( Companion)වීසා
A/5 – තාවකාලික නේවාසික වීසා
DCL බලපත්‍රය – පවුල් නැවත එක්වීම් සහ මානුෂීය කටයුතු සඳහා අදාල වීසා 

මේ අතර ශ්‍රී ලංකාවට ගොස් සිටින 119 දෙනෙකු  ඉක්මනින් ඊශ්‍රායලයට පැමිණීමට අවශ්‍ය බව දන්වා තිබෙනවා.

එහෙත්  ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු හා විදේශ රැකියා  අමාත්යංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්ති  තීරණය මත ඔවුන් ඊශ්‍රායලයට එවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ වැඩිදුර අදහස්,

PIBA ආයතනයට  අප තානාපති   කාර්යාලය කරන ලද ඉල්ලීමට පිළිතුරු දෙමින් ඔවුන් පැවසුවේ දැනට RE-ENTRY  විසා මත ශ්‍රී ලංකාවට ගොස් සිටින අයගේ RE-ENTRY  විසා කාලය ගුවන් ගමන් ආරම්භ වූ වහාම දික් කරන බවත්,  යුද්ධය පටන්ගත් දින සිට RE-ENTRY  විසා  කල් ඉකුත් වූ පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණීමට එය බාධාවක් නොවන බවත්ය.

දැනට ශ්‍රී ලංකාවට ගොස් ඇති පිරිස සඳහා වන  වීසා  කාලය (REENTRY)  දීර්ඝ  කිරීමේ ක්‍රියාවලියේ දී ඔවුනට සෑම විටම  උපකාර කිරීමට තානාපති කාර්යාලය කටයුතු කරනු ඇත.

යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ සිව් දෙනාගෙන් දෙදෙනෙකු තවමත් ප්‍රතිකාර ගන්න අතර තානාපති කාර්යාලය දිනපතා ඔවුනගේ තොරතුරු සොයාබලන අතර   පිපිරීම් හේතුවෙන් ඔවුන්ට ඇතිවූ  මානසික ආතතිය  අවම කිරීමට විසින් විට ශ්‍රී ලාංකිකයන කීපදෙනෙකු    ඔවුන්ව හමුවීමට යොමුකොට තිබේ. 

තම දරුවාගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට සිදු වූ ගාල්ල ප්‍රද්ර්ෂයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුට ඊශ්‍රායලයේ  ELAIT  හා  ඊජිප්තුවේ TABA  දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපලට යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් අතර ඊජිප්තු දේශසීමාවේ ආගමන කාර්යාලයට තානාපති නිලධාරීන් පෞද්ගලිකාවක කතා කොට ඒ සඳහා පහසුකම් සපයන ලදී. ඒ අනුව  ඔහු අද දින (19/06/2025) උදෑසන 02,00 කොළඹ  බලා යාමට කයිරෝ ගුවන් තොටුපළෙන් පිටත්වේ.

වෙලදාම් කටයුතු සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු  ඊශ්‍රායලයේ සිටින අතර ඔවුන්ට ද මේ මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට නැවත යා හැකිබව දන්වන් ලදී.

තානාපති කාර්යාලය ලබාදුන් whatsapp  අංක තුනම ක්‍රියාත්මක අතර ගැටළු පවතින ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ ලංගම හිතවතුන්ට එම අංකයන් ඔස්සේ තොරතුරු ලබාගත හැක.

මේ අතර තානාපති කාර්යාලය සති අන්තයේ නිවාඩු දින දෙකේත්  ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.