කතරගම පෙරහැර මංගල්‍යයට සමගාමීව සිදු කරන කතරගම දේවාලය දැක්වූ වූ පාද යාත්‍රාව හෙට ආරම්භ වීමට නියමිතයි.
යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන මෙම සංස්කෘතික පා ගමන අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සිදු කරන චාරිත්රයයක් ලෙස හැඳින්විය හැක.
මෙවර පාද යාත්‍රාවට 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර පාද යාත්‍රාවෙන්, කතරගම පුජා භූමියට පැමිණීමේදී පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස උපදෙස් දී ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරනවා.
පසුගිය වසරවලදී පැවති පාද යාත්රාවලදි , එකතු වන කැලි කසලවලින් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පාද යාත්‍රාව පරිසර හිතකාමි අයුරින් සිදු කරන ලෙසත්, පරිසර පද්ධතියට සහ වනෝද්‍යානවල වෙසෙන වන සතුන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙසත් අමාත්‍යවරයා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
යාපනයේ සිට වට්ටප්පලෙයි, ත්‍රීකුණාමලය, වේරුගල්, සිත්තන්ඩි, මඩකලපුව, මන්ඩාර්, තිරුක්කෝවිල් සහ ඔකඳ යන ප්‍රදේශ පසුකරමින් කතරගමට පැමිණීමට බැතිමතුන්ට ආසන්න වශයෙන් දින 35ක් පමණ ගත වනවා.

