ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි අරඹයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබෙනවා.

පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන නවතා දමා තිබුණි.

සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම බෝට්ටුව හරහා මගී ප්‍රවාහනය සිදු කරනු ලබනවා.