ඉන්ධන හිඟයක් නෑ – ඇමති යළිත් කියයි

මැදපෙරදිග යුධ ගැටුම් පැවතියත් අගෝස්තු මාසය අවසන්වන තුරු අවශ්‍ය තෙල් තොග මෙරට තුළ පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එසේම අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේ.