ජනවාරි සිට මේ දක්වා වාහන 73,400ක් ලියාපදිංචි කරලා

වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ යතුරුපැදි ඇතුලු වාහන 73,400 අධික වාහන ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසනවා. 

ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 58,947ක් බවයි ඔහු කියා සිටියේ.

ඊට අමතරව මෝටර්රථ 7,500ක් සහ ත්‍රිරෝද රථ 1,666ක් ද ලියාපදිංචි කර තිබෙනවා. 

ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීම පසුගිය මාසය තුළ සිදු වී තිබෙනවා.