දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 070 789 88 89 යන වට්ස්ඇප් අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැක.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්රකාශයට පත් කර ඇති ”ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” ට සමගාමීව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

