සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වර්ජනයක්

දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර ඇති බව ලංකා දුම්රිය නියාමක සංගම පවසනවා.

අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා මේ බව සඳහන් කළා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.