ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම Tiktok තාරකාව බවට පත්ව සිටින Khaby Lame, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන් විසින් එරටින් නෙරපා හැර තිබෙනවා
ඒ ඔහු සිය වීසා කාලසීමාව ඉක්මවමින් අමෙරිකාව තුළ රැඳීසිටීම හේතුවෙනුයි.
වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ඔහුව මෙලෙස රටින් පිට කිරීමට පියවර ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට තිබෙනවා.
Lame, Met Gala උත්සවය වෙත සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 30 වනදා එක්සත් ජනපදය වෙත පැමිණ තිබෙනවා.
අධිකරණ නියෝගයක් මඟින් රටින් පිටුවහල් කෙරෙන පුද්ගලයෙකුට නැවතත් දශකයක් ගතවන තුරුම එක්සත් ජනපදය වෙත ඇතුළුවීම තහනම් වනවා.

