පළාත් පාලන ආයතන 161ක ප්‍රධානීන් නම් කරමින් ගැසට්ටුවක්

2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී තනි පක්ෂයක් විසින් බහුතර බලයක් ලබාගත් පළාත් පාලන ආයතන 161ක ප්‍රධානීන් ගැසට් කර තිබෙනවා. 

එසේම පැහැදිලි බහුතරයක් නොමැති ආයතන 178ක් සඳහා ප්‍රධානීන් තෝරා පත්කර ගැනීමට පළාත් පාලන කොමසාරිස්වරුන්ට බලය පවරා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. 

එම ආයතන 178 වෙනුවෙන් පත්කර ගනු ලබන ප්‍රධානීන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරියේදී පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් නිකුත් කරනු ඇති.

ගැසට් නිවේදනය මෙතනින්