වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මාසයකින් කල් යයි

ලබන ජූලි මාසයේදී සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් ඒ පිළිබදව අනෙකුත් සංගම් සමගද සාකච්ඡා කරන බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.