ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල යුද ටැංකි වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
එසේම පලස්තීනුවන් 150 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි රෆා හි රතු කුරුස රෝහලට සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල හමුදා පවසන්නේ ආධාර බෙදා හැරීමේ ස්ථානය තුළ ඔවුන්ගේ වෙඩි තැබීමෙන් ඇති වූ කිසිදු තුවාලයක් පිළිබඳව තමන් නොදන්නා බවයි.
ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධයෙන් මේ වන විට ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 54,418 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

